Saturday, September 13, 2014

යථාර්ථය සේදීය

වියලී ගිය ගගුලේ සිට මහ මාවත් මවලා 
ලැව් ගිනිගත් වන කෙලවර මහ වාසල් තනලා...
ලය ගිනිගත් දා සතුටට මොටදෝ ජය ඝෝශා...
ආභස්සර වෙත යන්නට ඇයි කලියෙන් ඔහෙලා....

සදහම් සිසිල නැත .. අහසේ වැසි නැති දාට...
වැව් දිය අග  ඉර  ඔරවයි , බැමි බිදි දාට ....
නෙතගින් එබී බැලු කදුලක සොරකමට ,
යුක්තියටදෝ බුදුවරු වැඩ ඇත ලකට ....

ඇයි බලලො තම පැටවුන් කා දැම්මේ...
ඉතුරු උනෝ එක බලලයි පැටවුන්ගේ...
සිත් නැතිදෝ  , ඌ තව බලලුන් කන්නේ ...
සත් නැති ලෝ මොටදෝ දෙපයින්  ඉන්නේ ...

No comments:

Post a Comment