වියලී ගිය ගගුලේ සිට මහ මාවත් මවලා
ලැව් ගිනිගත් වන කෙලවර මහ වාසල් තනලා...
ලය ගිනිගත් දා සතුටට මොටදෝ ජය ඝෝශා...
ආභස්සර වෙත යන්නට ඇයි කලියෙන් ඔහෙලා....
සදහම් සිසිල නැත .. අහසේ වැසි නැති දාට...
වැව් දිය අග ඉර ඔරවයි , බැමි බිදි දාට ....
නෙතගින් එබී බැලු කදුලක සොරකමට ,
යුක්තියටදෝ බුදුවරු වැඩ ඇත ලකට ....
ඇයි බලලො තම පැටවුන් කා දැම්මේ...
ඉතුරු උනෝ එක බලලයි පැටවුන්ගේ...
සිත් නැතිදෝ , ඌ තව බලලුන් කන්නේ ...
සත් නැති ලෝ මොටදෝ දෙපයින් ඉන්නේ ...
ලැව් ගිනිගත් වන කෙලවර මහ වාසල් තනලා...
ලය ගිනිගත් දා සතුටට මොටදෝ ජය ඝෝශා...
ආභස්සර වෙත යන්නට ඇයි කලියෙන් ඔහෙලා....
සදහම් සිසිල නැත .. අහසේ වැසි නැති දාට...
වැව් දිය අග ඉර ඔරවයි , බැමි බිදි දාට ....
නෙතගින් එබී බැලු කදුලක සොරකමට ,
යුක්තියටදෝ බුදුවරු වැඩ ඇත ලකට ....
ඇයි බලලො තම පැටවුන් කා දැම්මේ...
ඉතුරු උනෝ එක බලලයි පැටවුන්ගේ...
සිත් නැතිදෝ , ඌ තව බලලුන් කන්නේ ...
සත් නැති ලෝ මොටදෝ දෙපයින් ඉන්නේ ...
No comments:
Post a Comment