Friday, September 19, 2014

ඉරබටු තරුව

දහසක් තරු මැද ඉරබටු තරුවේ 
තටු ලැබුනාදෝ බැස යන්නේ 
තටුද සැලලිහිනියක 

හඩන අසරන රැයක 
සදත් ඇත කදුලු ගිල 
සිකුරේ තටුද සැලලිහිනියක 

නුබට දොස් නොකියමිය 
සදට දොස් කිවයුතුද 
පිනි ඒ .. හෙන්දිරික්කා පරවේ

සිකුරේ තටුද සැලලිහිනියක 

මගේ පුතා ..

අදුරට හඬනා මා වවුලන් දැක  අදුර නුඹම සනසාපන් උන් 
සොහොන් කනුව ලඟ දෙනෙත පියවනා පිය සෙනෙහස සඟවන්නද දැන්

පැටව් සතර සා ගිනි නිවනව දැක සතුටුවිලේ පිපි කුමුදක හුන් 
පුරුදු සුවඳ කලදක් පෙරලීලා දෝරෙ ගලායයි නිකට යටින් 

ලෙඩවුනු යුක්තිය සුවකරනව දැක උඹේ පහසුවට උඹටම උන්
කියපන් යන්තරේ හැපුනේ කොහොමද දෙවියන්ගේ ඇස් දෙකට යටින් 

Wednesday, September 17, 2014

මුල අමතකයි

අප්පච්චී කියා දුන්නු පැල් සීපද හැඩය ගන්න 
තානායම ඉන්න හැඩට ඒ හැඩ මට අමතක වීලා 
අප්පච්චිගෙ උණු කදුලේ සේයාවක් හීනෙන්වත් මතක් වෙයන් සීපද වීලා ..

මලේ පුසුබ යන මාවත ඉඩ ඇරලා අස්වැන්නේ පල නෙලුවේ 
ඔබෙ ගත දා බිදු බිලි දීලයි තානායම් මග ගොඩ දැම්මේ 
අදත් ඔබේ ගැන තිබේ අරුමය නින්දා මහ වැසි හෙන හමුවේ 
කෙලෙසද දැරුවේ මහමෙර වාගේ කොහොමද සීපද මට අමතක වූයේ 

නිල් මහ කදු දෙබල් මතේ මහ සයුරට මං පාදන්නේ මුතු ඇට වාගේ 
වෙරළ නසන උදම් රලේ  මුල අමතක වූයේ  මට  සමාවෙයන්නේ 
අප්පච්චී ටිකක් ඉදින් මම හවසට ගෙදරට එන්නේ  

බුද්ධියේ අවවාදය

වස්තුව පොදි බැඳ යන්න අවසරද පියානනේ සිහ අසුන් කෙරේ 
අහසක් වන්නට නොහැකිය නුබ වට මම නුබෙ සිතිවිල්ලේ ඉන්නේ 
සිතිවිලි නුබ වට සත් පවුරක් වන්නේ  

ගහෙන් කොලෙන් මට හුරුකල වස්තුව  ගහක් කොලක් නැති වැලි කතරේ කෙලෙසද මා රැක ගන්නේ 
විඩා නිවන්නට දුර්ජන හමුවේ වස්තුව වියදම් නොකරන්නේ  
මාවත පාදා  වස්තුව වලලා  අනෙකන්ගේ මං පාදන්නේ  
මිරිගුව නැත රෑ පායන්නේ  

ඝන රුදුරු  වළා ගිල ගනී  කතර කෙලෙසද දන්නේ අනතුරක්ද මේ 
නීල ආකහේ  කාල වෙසින්නේ එන්නේ මහ වැස්සක් පුතුනේ 
වස්තු මුවාකර වියන් තනන්නට එපා තෙමීයන් මහ වැස්සේ
වැස්සේනෙ මහ රුක් දළු ලෑවේ 

නිරුදක අවසන කුමක් කරන්නේ  වස්තුව වැලලූයේ පොලොවේ 
සිහ අසුන් නැතත් වස්තුව දෙන්නේ දෝත පුරාවට පැටවුන්නේ 
වස්තුව දුටු  ඔබ මහ පොලවකි ලොව වස්තුව නොදැකපු උන්  හමුවේ 
ඔබ මාගෙ රන් පුතු වන්නේ

Sunday, September 14, 2014

දුක්පත්කම සහ පරාසය ..

අලෝකයෙන් ඉපදුනු තැනැත්තා 
කෙදිනකවත් අදුර දැක නැති 
අදුරට බයේවත් වටපිට නොබලන 
අදුරට අප්‍රිය කරන්නා 
අදුරේ සිටින්නන් මෙන්ම 
අදුරේ සිද්දිද නොදන්නේය 

ඉපදෙන්නේ අදුරේද 
ගැට රුක අග සොයා යන්නේ අදුරේද 
නොඅවදිව ඉන්නට වන්නේ අඳුරේද 
අදුරේ සිටින්නා දෙපැතිම සොදින් දකී 

නිශාව ..

හැමි හෙමිහිට නිහඬ ගෙපැලට ගොඩවන
වත්ත පහල ඉහල ඇඟ වටකර ඉන්නවා ඔබ 
දවසේ වැඩ බරින් මිරික සැඩ පහරක් සේ ගලායන 
ජීවිතය පුන් සිහිලේ ගිල්වා නිදහස් බව දුන්නා ඔබ 
උඩ බැලූ කල දියමන්තියක් වට මිනි පොදකි 
බිම බැලූ කළ නම් ආගාධයක් වැනිය
කම් නැත 
ඔබ සැමදාම ආ යුතුයි ...

Saturday, September 13, 2014

හිදිනු මැන ගල් වෙසින් ..


දරුවා වැට උඩ සිටියා ..


පුතු සිටියාදෙන් හිනැහීලා


ඉඩම් නඩුව ..

පයට පාවඩ එලා ඇති වී
නැතිද රජමැදුරේ
හිතට අතු කොල වත් එලාපන්
දෙපයේ මඩ සෝදා ඇත්තේ  .

උණුසුම් පිණි බිදු දෑසේ නොනගින
කාලවර්ණ වූ වලාකුලේ
සිරිපා මුදුනට නොනැගම සුන්වී
මුහුදු වතුර ලුණු රස වූයේ

නියරේ උසට අත කර ගැට වැඩුනාට
නියරක් වගේ පා යුග පා කරන්නද ..
වසරම කරක් ගහනා මේ අටුව උඩ
දෙවියෝ අසාපන් මේ නඩු හබය ..

සීතල ඉඩමට මොටදෝ
නඩු යන්නේ
උණුසුම ගිය දාට
සීතලෙ සැතපෙන්නේ 

බාධක පරයා ...

ජීවිතේ මදින් මද මොහොත බැස යන
සුවඳ තවරා වෙලාගෙන මද සිසිල වාගෙයි
එකතකට නවාගෙන හමන පවනට මල ගරහා
සුවඳ දැනෙනුයේ ඒ දුගඳ නිසාමයි

ලැගුම්ගත් ගිණි මද්දහන
වෙල්ලස්ස වීදියේ
මොට්ට වී ගිය කඩුව
දුගඳ කපා ම මුවහත ලැබිණ

මානය ...

දිනෙක ඝණ්ඨා වැයෙන දිනයේ
සුවඳ නෙක මල් පුදා අසුනේ
ගහෙන් කොලෙන් දෝ ඒ දුගඳ හමන්නේ
මදෙඅතේ නම් සුවඳයි ඇත්තේ
මදක් සිතුවෙමි ...
ගහේ කොලේ නොව මගේ සිතෙනුයි දුගඳක් එන්නේ ..

පියා ..

නාඹර හිරු දිනෙන් දින 
  කිරණ උපුටා දෙමින 
මහපොළොව සරු වඩති 
  තම මසස දිය වුණද ..
ඉතින් පුත කිමද නුඹ ...?

යථාර්ථය සේදීය

වියලී ගිය ගගුලේ සිට මහ මාවත් මවලා 
ලැව් ගිනිගත් වන කෙලවර මහ වාසල් තනලා...
ලය ගිනිගත් දා සතුටට මොටදෝ ජය ඝෝශා...
ආභස්සර වෙත යන්නට ඇයි කලියෙන් ඔහෙලා....

සදහම් සිසිල නැත .. අහසේ වැසි නැති දාට...
වැව් දිය අග  ඉර  ඔරවයි , බැමි බිදි දාට ....
නෙතගින් එබී බැලු කදුලක සොරකමට ,
යුක්තියටදෝ බුදුවරු වැඩ ඇත ලකට ....

ඇයි බලලො තම පැටවුන් කා දැම්මේ...
ඉතුරු උනෝ එක බලලයි පැටවුන්ගේ...
සිත් නැතිදෝ  , ඌ තව බලලුන් කන්නේ ...
සත් නැති ලෝ මොටදෝ දෙපයින්  ඉන්නේ ...

දියුණුවේ අරුම

සැදෑ සිහිලස තුල කිමිද මතුවී 
වැවග පරවී ඉනූ නෙතගට 
හෙටත් ගිලී යන මොහොතට 
ඉන්නම් සිසිල් මල හිරු යට ..
තනියට ඔබගේ ...

සැඩ පහරකි මුලයි මාරුතයක
   කෙලෙස සිදලමුද ගෙල 
 රුක් සමගම සිදින 
 උරුමයේ කඩු මුවත

පෙනේ රඟ කකාරා 
 අපේ හඩ ගෙන හඩන 
කොවුල් හඩ නැති අරුම 
සැඩ පහර තනි මැකුව  ... 

අප්පච්චි නැති දා කාට කියමිද ....

මල් යහනක නිදා මල් රොනග තැලුවෙ නෑ 
පුරුදුය කටු යහනෙ නිදා  සුවඳ පැතුවෙ නෑ ..
මල් තලන්න ගියා මෙදා යලි ආවේ නෑ ..
අපෙ අප්පච්චී අපෙ අප්පච්චී 

ගව්වක් උසක කලද බීලා කරටි බිදින් නෑ 
කරටි උසට සිත් බැන්දට කරදරයක් නෑ 
කරදරයක් නෑ කාටත් කරදරයක් නෑ 
අපෙ අප්පච්චී අපෙ අප්පච්චී 

වනේ ඉන්න වනේ සතා කෑවද දන්නෙ නෑ 
වනේ ඉන්න වනේ සතා වයසක් දන්නෑ 
වයසක් දන්නෑ මරුවා වයස තකන් නෑ 
අපෙ අප්පච්චී අපෙ අප්පච්චී 

කදුලු පොකුරු වූ සීමා අද වලංගු නෑ
තැලුන මලේ වත් අඩයිද දෙයියො දන්නෙ නෑ 
දෙයියො දන්නෙ නෑ ,නෑ නෑ දෙයියො දුටුවෙ නෑ 
අපෙ අප්පච්චී අපෙ අප්පච්චී 

ඉස්ම එකතු වී මුදුනේ ගන්න කෙනෙක් නෑ 
ගන්න කෙනෙක් නෑ අපෙ බර ගන්න කෙනෙක් නෑ ..
සුවද කිදී හද පතුලට උලපත පාදා 
කදුලු හැලෙනවා වැහිදිය කදුලු හැලෙනවා 

ළා කුසුම ගලේ ගසා මිලින කලාදෝ....

මුනිනත වැටී පොහොට්ටු මල් කැකුලී 
දාගැබ අබියස ගල් තලයේ මුව සංගා ඉන්නේ 
සබකෝල නොවන් බොලදී  
පියසෙනෙහස රුහිරෙන් දියවී 
ගලනා  දිනයේ 

දවසින් දවස මව් සෙනෙහස දා දලුව 
පස දියවී පස හා එක්වී දියත  
පැන නැගි කුසුම 
පුර හඳ කොයි බිම හෙලුව .. 

යුගෙන් යුගේ කම්පා කල 
ලෝ තලය 
පිය සෙනෙහසට බෑ විශ්වය
සසදන්න 
ගලින් ගලට පනිනා 
මරු ඇතින්න 
බබුට බයේ දිව්වේ 
නැත්තේ මන්ද 

අරමුණ

                               මුදල් මූලික කොට ගත් සමාජයේ මුදල් මූලික නොකරමින් ඉහල රසවින්දනයක් ඇති ' මිනිසුන් ' තුල ඉහල යන කම්පිත හදවත් ප්‍රකම්පනය කරන්නට මේ එක් වෑයමකි ...