Friday, September 19, 2014

ඉරබටු තරුව

දහසක් තරු මැද ඉරබටු තරුවේ 
තටු ලැබුනාදෝ බැස යන්නේ 
තටුද සැලලිහිනියක 

හඩන අසරන රැයක 
සදත් ඇත කදුලු ගිල 
සිකුරේ තටුද සැලලිහිනියක 

නුබට දොස් නොකියමිය 
සදට දොස් කිවයුතුද 
පිනි ඒ .. හෙන්දිරික්කා පරවේ

සිකුරේ තටුද සැලලිහිනියක 

මගේ පුතා ..

අදුරට හඬනා මා වවුලන් දැක  අදුර නුඹම සනසාපන් උන් 
සොහොන් කනුව ලඟ දෙනෙත පියවනා පිය සෙනෙහස සඟවන්නද දැන්

පැටව් සතර සා ගිනි නිවනව දැක සතුටුවිලේ පිපි කුමුදක හුන් 
පුරුදු සුවඳ කලදක් පෙරලීලා දෝරෙ ගලායයි නිකට යටින් 

ලෙඩවුනු යුක්තිය සුවකරනව දැක උඹේ පහසුවට උඹටම උන්
කියපන් යන්තරේ හැපුනේ කොහොමද දෙවියන්ගේ ඇස් දෙකට යටින් 

Wednesday, September 17, 2014

මුල අමතකයි

අප්පච්චී කියා දුන්නු පැල් සීපද හැඩය ගන්න 
තානායම ඉන්න හැඩට ඒ හැඩ මට අමතක වීලා 
අප්පච්චිගෙ උණු කදුලේ සේයාවක් හීනෙන්වත් මතක් වෙයන් සීපද වීලා ..

මලේ පුසුබ යන මාවත ඉඩ ඇරලා අස්වැන්නේ පල නෙලුවේ 
ඔබෙ ගත දා බිදු බිලි දීලයි තානායම් මග ගොඩ දැම්මේ 
අදත් ඔබේ ගැන තිබේ අරුමය නින්දා මහ වැසි හෙන හමුවේ 
කෙලෙසද දැරුවේ මහමෙර වාගේ කොහොමද සීපද මට අමතක වූයේ 

නිල් මහ කදු දෙබල් මතේ මහ සයුරට මං පාදන්නේ මුතු ඇට වාගේ 
වෙරළ නසන උදම් රලේ  මුල අමතක වූයේ  මට  සමාවෙයන්නේ 
අප්පච්චී ටිකක් ඉදින් මම හවසට ගෙදරට එන්නේ  

බුද්ධියේ අවවාදය

වස්තුව පොදි බැඳ යන්න අවසරද පියානනේ සිහ අසුන් කෙරේ 
අහසක් වන්නට නොහැකිය නුබ වට මම නුබෙ සිතිවිල්ලේ ඉන්නේ 
සිතිවිලි නුබ වට සත් පවුරක් වන්නේ  

ගහෙන් කොලෙන් මට හුරුකල වස්තුව  ගහක් කොලක් නැති වැලි කතරේ කෙලෙසද මා රැක ගන්නේ 
විඩා නිවන්නට දුර්ජන හමුවේ වස්තුව වියදම් නොකරන්නේ  
මාවත පාදා  වස්තුව වලලා  අනෙකන්ගේ මං පාදන්නේ  
මිරිගුව නැත රෑ පායන්නේ  

ඝන රුදුරු  වළා ගිල ගනී  කතර කෙලෙසද දන්නේ අනතුරක්ද මේ 
නීල ආකහේ  කාල වෙසින්නේ එන්නේ මහ වැස්සක් පුතුනේ 
වස්තු මුවාකර වියන් තනන්නට එපා තෙමීයන් මහ වැස්සේ
වැස්සේනෙ මහ රුක් දළු ලෑවේ 

නිරුදක අවසන කුමක් කරන්නේ  වස්තුව වැලලූයේ පොලොවේ 
සිහ අසුන් නැතත් වස්තුව දෙන්නේ දෝත පුරාවට පැටවුන්නේ 
වස්තුව දුටු  ඔබ මහ පොලවකි ලොව වස්තුව නොදැකපු උන්  හමුවේ 
ඔබ මාගෙ රන් පුතු වන්නේ

Sunday, September 14, 2014

දුක්පත්කම සහ පරාසය ..

අලෝකයෙන් ඉපදුනු තැනැත්තා 
කෙදිනකවත් අදුර දැක නැති 
අදුරට බයේවත් වටපිට නොබලන 
අදුරට අප්‍රිය කරන්නා 
අදුරේ සිටින්නන් මෙන්ම 
අදුරේ සිද්දිද නොදන්නේය 

ඉපදෙන්නේ අදුරේද 
ගැට රුක අග සොයා යන්නේ අදුරේද 
නොඅවදිව ඉන්නට වන්නේ අඳුරේද 
අදුරේ සිටින්නා දෙපැතිම සොදින් දකී 

නිශාව ..

හැමි හෙමිහිට නිහඬ ගෙපැලට ගොඩවන
වත්ත පහල ඉහල ඇඟ වටකර ඉන්නවා ඔබ 
දවසේ වැඩ බරින් මිරික සැඩ පහරක් සේ ගලායන 
ජීවිතය පුන් සිහිලේ ගිල්වා නිදහස් බව දුන්නා ඔබ 
උඩ බැලූ කල දියමන්තියක් වට මිනි පොදකි 
බිම බැලූ කළ නම් ආගාධයක් වැනිය
කම් නැත 
ඔබ සැමදාම ආ යුතුයි ...